Payza අන්තර්ජාල බැංකු ගිණුම්

අපි අන්තර්ජාලයේ රැකියාවක් කරල හරි වෙන ක්‍රෙම්කින් හරි මුදල් උපයනවනම් ඒව තැන්පත් කරන්න සහ ආපසු මුදල් ලබාගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන. මොකද අපි වැඩකරන ආයතන වලින් කරන ගෙවීම් කෙලින්ම අපේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වා ගන්න බෑ. එම මුදල් හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකු ගිණුමකට විතරයි. ඒවගේම අපි අන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් භාවිතා කරනවට වඩා මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු කිරීම ආරක්ෂිතයි.


අන්තර්ජාල බැංකු ගිණුම සපයන ආයතන කීපයක්ම තියනව.  PayPal, Moneybooker, "Payza", කියන්නේ ඒ වගේ බැංකු කීපයක්. PayPal ගිණුමකින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බෑ කියල බෙහෝ දෙනා දන්නව. ඒකට හේතුව අන්තර්ජාල ගණුදෙනු සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීමයි. අනිත් ගිණුමු දෙකෙන්නම් එහෙම ප්‍රශ්නයක් නෑ. අපි අද බලමු කොහොමද "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.

මුලින්ම පහළ ලිංක් එකෙන් payza home page එකට යන්න.




 signup ක්ලික් කරාම පහත ආකාරයෙ පිටුවකට යනව
එතනින Personal starter හෝ personal pro select කරන්න. එතකොට පහත විනඩෝව විවෘත්ත වෙයි.




මෙය නිවැරදිව පුරවන්න. මෙහි
Region : ඔබ ජීවත්වන පළාත
Postal code : ඔබේ නගරයේ තැපැල් අංකය (උදා- ගාල්ල 80000, මාතර 81000 ආදි ලෙස)
මෙහිදි ඔබේ නම, ලිපිනය නිවැරදිවම පිරවීමට සැලකිලිමත් වන්න.

ඉන්පසු දෙවන පියවරට යොමුවේ.
එහිදි පහත ආකරයට තොරතුරු ඇතුළත් කරන්න.

E-mail address: ඔබ භාවිත කරන ඊමේල් ලිපිනය. ගිණුම තහවුරු කිරීමට මෙය වැදගත් වන බැවින්                නිවැරදිවම ඇතුළත් කරන්න.
Password: මතක තබාගතහැකි මුරපදයක්
Transaction pin: ගණුදෙනුවක් සිදු කිරීමේදී අවශ්‍ය වන රහස් අංකයයි. මතක තබාගතහැකි ඉලක්කම් 4ක අංකයක්
Security question:
Answer:
Third party information යන්න No ලෙස ලබාදෙන්න.
Word verification: රූපයේ ඇති අකුරු හෝ ඉලක්කම් නිවැරදිව සටහන් කරන්න
 final step මත ක්ලික් කරන්න. එවිට ඔබගේ ගිණුම තහවුරු කිරීම සඳහා ඔබගේ ඊමේල් ලිපිනයට පණිවුඩයක් එවා ඇතිබව දැක්වේ.

දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ගිණුමට ලොග් වී Payza විසින් එවන ලද ඊමේල් පණිවුඩයේ ඇති link එක මත ක්ලික් කරන්න. නැතහෝත් එය copy කර address bar මත paste කර enter කරන්න.
එවිට විවෘත්ත වන්නේ Payza Log in window එකයි.  user name ලෙස ඔබ ලබාදුන් e-mail ලිපිනයත් password එකත් ඇතුල් කර Payza ගිණුමට ඇතුළු විය හැක.

දැන් ඔබ සාරථකව Payza ගිණුමක් අරඹා ඇත. ඔබට යම් ගැටලුවක් වුනානම් පහළ කමෙන්ට් එකක් දාල යන්න.

Payza ගිණුම verify කරන විදිය සහ( ගණුදෙනු කිරීමට මෙය අත්‍යෘවශ්‍ය නොවේ.) මුදල් අපගේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වාගන්නා ආකරය ඉදිරි ලිපියකින් කියන්නම්.

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළූවන් ක්‍රම ගැන කතාකරන ලිපියකින් ලඟදීම හමුවෙමු.
එතෙක් ආයුබොවන්.....!!!

Sinhala E- Money. Thursday, September 26, 2013. Payza Online Bank Account.EBAY SINHALA SRI LANKA ඊබේ ගැන සිංහලෙන් දැන ගන්න EBAY SINHALA GUIDE SRI LANKA. ... Forex sinhala sri lanka. Payza Sri lanka. Paypal sri lanka. ebay selling sinhala sri lanka. Sinhala music video songsFREE FOREX SINHALA SRI LANKA LEARN ABOUT ... How To Ship An Item - eBay Selling Sinhala Guide by writer » Mon Jul 16, .... Payza Sri lanka. Paypal sriPAYPAL SINHALA SRI LANKA. ... FREE DOWNLOAD SINHALA HINDI BOLLYWOOD REMIX VIDEO VISUAL SONGS. ... Payza Sri lanka.Payza $34 අරන් Paypal $30 දෙන්න පුළුවන් කාටද? කරුණාකර ... Payza to moneybookers කරන්නේ කොහොමද ? ... Payza වල පොඩි අවුලක්.What is Payza? Payza is a payment processor, currently used by most companies PTC. ... Learn Sinhala Language සිංහල භාෂාවෙන් දැන ගැනීමට.earn money online in sinhala මාසෙට රුපියල් 30.000/= ... hi thnx for ur video…. i have account in payza,is there any chances to transfer ...